කැළණි ගඟේ කඩුවෙල පාලම යට තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
කඩුවෙල පොලිසියා කියා සිටියේ මළ සිරුරේ ඉණේ ගල් පිරවූ කලිසමක් ගැට ගසා තිබූ බවයි.
සිරුර ගොඩට ගන්නා විටත් දැඩි ලෙස නරක් වී තිබූ බවත් දින හතරකට පමණ පෙර මියගොස් ඇති බවටත් පොලිසිය සැක පළ කරනවා.
මළ සිරුරේ යට ඇඳුම පමණක් තිබී ඇති අතර එම පුද්ගලයා ඇද සිටි කලිසම බවට සැකකල හැකි කලිසමකට ගල් පුරවා දෙකෙළෙවර ඉනෙහි ගැට ගසා තිබූ බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ පරීක්ෂණ නිලදාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.