
පාතාල ක්‍රියාකාරකම් සහ මත්කුඩු ජාවාරම් සඳහා යතුරුපැදි සැපයූ බවට සැක කෙරෙන බෝම්බුවල සුද්දා නැමැති 30 හැවිරිදි සැකකරුවෙකු කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර දකුණ පොලිස් වසමේ නාගොඩ මංසන්ධිය ප්‍රදේශයේ වෙළෙඳසැලක් අසල නවතා තිබූ යතුරුපැදියක් සොරකම් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුවයි.
බෝම්බුවල ප්‍රදේශයේදී එම යතුරුපැදිය ධාවනය කරමින් සිටියදීයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.














