කොටුව පොලිස් වසමේ පිහිටි ප්‍රධාන පෙළේ හෝටල් කාමරයක නැවතී සිටි නෙදර්ලන්ත ජාතික කාන්තාවකගේ මුදල් පසුම්බියක තිබූ මුදල් සොරාගත් හෝටල් සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම විදෙස් ජාතික කාන්තාව තවත් කාන්තාවක් සමග එම හෝටලයේ විශේෂ අමුත්තන් ලැඟුම් ගන්නා කාමරයක නවාතැන්ගෙන සිට ඇති අතර එහිදී ඇයගේ මුදල් පසුම්බියේ තිබූ ඩිරාම් සහ යුරෝ මුදල් (මෙරට මුදලින් රු.330,000/=ක්) අස්ථානගත වී ඇති බවට සංචාරක පොලීසියට පැමිණි කර තිබෙනවා.
එම පැමිණිල්ල අනුව විමර්ශනයක් ආරම්භ කළ කොටුව පොලිස් ස්ථානය, එම කාන්තාව නවාතැන් ගෙන සිටි හෝටලයේ සේවකයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 41ක් වන කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.











