තිස්සමහාරාම මුතියම්මාන ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ පස්වරු පහට පමණ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් 58 හැවිරිදි පුද්ගෙලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
වෙඩි ප්‍රහාරය එල්ල කිරීම සඳහා බෝර 12 වරගයේ පතොරම් යොදන ගල්කටස් වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
වෙඩික්කරු යතුරු පැදියකින් පැමිණ වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.
වෙඩි ප්‍රහාරය එල්ල කරන ලද සැකකරුද එම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයාගේ පුතාගේ බිරිඳ සහ වෙඩි තැබූ පුද්ගලයා අතර පැවැති සම්බන්ධයක් දුරදිග යාම හේතුවෙන් වෙඩි තැබීම සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.
සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරමින් පවතින බවයි පොලිසිය කියා සිටියේ.