දීපාවලි උත්සවය වෙනුවෙන් මධ්‍යම සහ ඌව පළාත්වල සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව එළැඹෙන 21 වන අඟහරුවාදා දිනය මධ්‍යම සහ ඌව පළාත්වල දෙමළ මාධ්‍ය පාසල් සඳහා නිවාඩු දිනයක් වනවා.
එම පළාත්වල ආණ්ඩුකාරවරුන් විසින් මෙම නිවාඩු දිනාය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එලෙස අඟහරුවාදා දිනයේදී නිවාඩු ලබාදෙන සියලුම දෙමළ මාධ්‍ය පාසල් එම සති අන්තියේ සෙනසුරාදා(25) දිනයේදී පාසල් පවත්වන ලෙසට අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
මෙවර දීපවාලි උත්සවය එළැඹෙන 20 වන සඳුදා දිනයට යෙදී තිබෙනවා.