පවතින වර්ශාව හේතුවෙන් රාජාංගන ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත කිරීමට පියවර ගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා
ඒ අනුව වාන් දොරටු 02ක් අඟල් 4 බැගින් විවෘත කර ඇති අතර වාන් දොරටු 02ක් අඟල් 3 බැගින් විවෘත කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
එමගින් තත්ත්පරයට ඝන අඩි 3884ක මුළු ජල ප්‍රමාණයක් මුදා හරින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කලා.
මේ අතර ප්‍රධාන ජලාශ 26ක් හා මධ්‍ය පරිමාණ ජලාශ 42ක් මේ වන විට වාන් දමමින් පවතින බවද එම දෙපාර්තුමේන්තුව සදහන් කලා.
කෙසේවෙතත් අසල පහත්බිම්වල සිටින ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.













