ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් මහතා දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරතව සිටිනවා.
ඒ, ජී20 සමුළුවට සහභාගී වීම සඳහායි.
මෙම සංචාරය අතරතුර ඉන්දීය විදේශ අමාත්‍යවරයා තවත් විදේශ රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් හමු වී ද්විපාර්ශවික සාකච්ඡා පවත්වා තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු ඊයේ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් හමු වූ බවයි.
එහිදී අමාත්‍යවරුන් දෙපළ ඉන්දීය – රුසියානු ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.
එමෙන්ම මෙම හමුවේදී යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති අතර අමෙරිකානු – රුසියානු නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් සෞදියේ පැවැති සාකච්ඡා සම්බන්ධයෙන් ද කරුණු සාකච්ඡා කර තිබෙනවා.