පාතාල කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත යන අපරාධකරුවන් සම්බන්ධයෙන් තාක්ෂණික පැතිකඩ ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ.වුට්ලර් මහතා පවසනවා.කොළඹ දී කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ මෙම අපරාධකරුවන් අත්අඩංගුවට ගත් බවට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කිසිදු නිල තොරතුරක් මැලේසියාවෙන් මෙතෙක් ලැබී නොමැති බවයි. කෙසේ වෙතත් එවැනි පසුබිමක වසරේ මේ දක්වා මෙරටින් වාර්තා වූ වෙඩි තැබීම් 68 න් 50 ක්ම සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් වාර්තා වූ වෙඩි තැබීම් බවට අනාවරණ වී තිබෙනවා. ඉන් පුද්ගලයින් 37 දෙනෙකු මිය ගොස් ඇති අතර, 34 දෙනෙකුම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ. වෙඩි තැබීම් 68 ට අදාළව වෙඩික්කරුවන් 24 දෙනෙකු සහ වෙඩික්කරුවන් පැමිණි වාහන සහ යතුරුපැදිවල රියදුරන් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන්. එමෙන්ම මෙම වසරේ මේ දක්වා ටී – 56 ගිනි අවි 23 ක් ඇතුලළුව ගිනි අවි 1165 ක් පොලිසිය භාරයට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ.වුට්ලර් මහතා මෙම මාධ්‍ය හමුවේදී සදහන් කළා.
උණුසුම් පුවත්
- IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි
- නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට
- සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට
- හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි
- ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි
- සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
- සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
- බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2730ක් සහ පෙට්‍රල් ලීටර් 1220ක් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට














