
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද අධිකරණයට රැගෙන විත් තිබෙනවා. ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා පසුගිය 04 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවේදීයි ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ. අත්අඩංගුවට ගත් ඒ මහතා එහිදී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.














