කුණාටුව පැමිණීමට පෙර තායිවානය 8,300 කට වැඩි පිරිසක් ඉවත් අනාරක්ෂිත ස්ථාන වලින් ඉවත් කළා.
මේ වන විට ෆන්ග්-වොං සුළි කුණාටුව කඳුකර නැගෙනහිර වෙරළ තීරයට අධික වර්ෂාවක් ගෙන දෙමින් හමා යමින් තිබෙනවා.
ඇතැම් ස්ථානවල පුද්ගලයන්ගේ ගෙල මට්ටම දක්වා ඉහළ ගිය ගංවතුරක් හටහෙන ඇති බවයි වාර්තා වන්නේ.
තායිවානයේ බොහෝ ප්‍රදේශවල ව්‍යාපාර සහ පාසල් වසා දමා ඇති අතර පුද්ගලයින් 51 දෙනෙකු තුවාල ලබා සිටිනවා.
මේ අතර මිලිමීටර 648ක වර්ෂාපතනයක් ලැබුණු එරට සුආඕ වරාය නගරයේ නිවාස 1,000 කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යට ව තිබෙනවා.













