රුපියල් කෝටි 14ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු රාගම කැන්දලියද්ද මාර්ගයේ නිවසක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු ළඟ තිබි හෙරොයින් කිලෝ ග්‍රෑම් 8යි ග්‍රෑම් 168ක්, අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 666ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැකකෙරෙන රුපියල් අටලක්ෂ තිස්දහසක මුදලක් ද අත්අඩංගුවට ගත්තා.
සැකකරු ළඟ තිබි වාහන කිහිපයක් ද අත්අඩංගුවට ගැනීමට හැකිවුණා.
අපරාධ කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව එම අංශයේ නිලධාරීන් රාගමට පැමිණ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළා.
පොලිස් නිලධාරීන් සැකකරුගේ නිවසේ සිවිලිම පරීක්ෂා කිරිමේ දී එහි සැඟවී සිටි තරුණයෙකු ද අත්අඩංගුවට ගැනීමට හැකිවුණා.
ඔහු මෙම මත්ද්‍රව්‍ය අම්පාර ප්‍රදේශයට රැගෙන යාමට පැමිණි අයෙකු බවයි පොලිසිය පවසන්නේ.
මෙම මත්ද්‍රව්‍ය විදේශයක සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මෙරටට ඒවා ඇති බවටයි සැකකෙරෙන්නේ.