සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 101 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකාව පළමුව පන්දු රැකීමටයි තීරණය කලේ.
ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 06 ක් දැවී ලකුණු 175 ක් ලබා ගත්තා .
කෙසේ වෙතත් ලකුණු 176 ක ඉලක්කයක් හඹා යාම සදහා පිටියට පිවිසි දකුණු අප්‍රිකාවට පන්දුවාර 12 යි පන්දු 03 අවසානයේ සියල්ලන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 74 ක් පමණයි.
ඒ අනුව තරග පහකින් සමන්විත තරගාවලියේ මේ වන විට 1 ට 0 ක් ලෙස ඉන්දියාව පෙරමුණේ පසු වනවා.













