තැපැල් සේවක වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය අඛන්ඩව අද දිනටත් ක්‍රියාත්මක වනවා.
මේ අතර වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සහ විෂය භාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැතවුනා.
ඒ සදහා වර්ජනයේ නිරත සියලු තැපැල් වෘත්තීය සමිතිවල නියෝජිතයින් කැඳවා තිබූ බවයි වාර්තා වුනේ.
විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති ඇතුළු සංගම් කිහිපයක් ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් පසුගිය 17වනදා මෙම වර්ජනය ආරම්භ කළා.
වර්ජනය ආරම්භ කිරීමත් සමග දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාලවල තැපැල් සේවා කටයුතු අඩාල වුනා.
ඒ හේතුවෙන් තැපැල් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි දුෂ්කරතාවටද පත්ව තිබුණා.
මේ අතර ලංකා තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද මහතා පැවසුවේ වර්ජනයේ නිරතව සිටි සාමාජිකයින් රැසක් මේ වන විට සේවා කටයුතු සදහා සහභාගී වී ඇති බැවින් හෙට දිනය වන විට තැපැල් සේවා කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීමට හැකිවන බවයි.
උණුසුම් පුවත්
- මර්වින්ට එරෙහි නඩුවක් යළි කැඳවීමට දින දෙයි
- විල්පත්තුවේ මහා පරිමාණ දඩමස් ජාවාරමක්
- කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
- සර්වඥ ධාතු ප්‍රදර්ශනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
- විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම් ගැන සාකච්ඡාවක්
- නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ ටොන් 5ට වැඩි බර වාහන ධාවනය කරන බවට චෝදනා
- වායු ගුණාත්මකභාවය පහලට
- බදුලුපුරින් – වලපනේ මෙහෙයුමේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම්













