අස්වැසුම මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියක ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අදාළ නිලධාරිනිය ඊයේ(13) අත්අඩංගුවට ගැනුණා.
ඒ අස්වැසුම මුදල් වංචා කිරීමේ චෝදනාව සම්බන්ධයෙනි.
සැකකාර නිලධාරිනිය විසින් අස්වැසුම මුදල්වලින් රුපියල් තිස් පන් ලක්ෂ අසූ දහසක මුදලක් වංචා කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.