ග්‍රාමීය දුප්පත් ජනතාවගේ ජීවිත නඟාසිටුවීම වත්මන් රජයේ වගකීමක් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඉලක්ක සහගත ප්‍රජාවට සහනාධාර ලබාදීම ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව ද ‘ප්‍රජාශක්ති’ ජාතික වැඩසටහනේ සමාරම්භයට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියා.
මේ වනවිට ඒ වෙනුවෙන් යම්යම් තීරණයන් ගෙන ඇති බව ද පැවසු ජනාධිපතිවරයා ආර්ථික ස්ථාවරත්වය සඳහා වූ සාධක සැලකිය යුතු ප්‍රමාණයක් සපුරාගෙන ඇති බවද ජනාධිපතිවරයා සදහන් කලා.
ඒ අනුව ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම අත්‍යාවශ්‍ය වන බව ද ජනාධිපතිවරයා සදහන් කර තිබෙනවා.