ආනයනික සුදු සීනි ,පරිප්පු සහ තිරිඟු පිටි තොග මිල අඩු කර තිබෙනවා.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් පවසන්නේ සුදුසීනි කිලෝවක තොග මිල රුපියල් 300 සිට 265 දක්වා ද , තිරිඟු පිටි කිලෝවක් රුපියල් 190සිට175 දක්වා සහ පරිප්පු කිලෝවක් රුපියල් 350 සිට 285 දක්වාද අඩුකර ඇති බවයි.
මේ වන විට අවශ්‍ය තරම් සුදු සීනි, තිරිඟු පිටි සහ පරිප්පු තොග තමන් සතුව පවතින බවයි ඔවුන් සඳහන් කලේ.
එබැවින් එළඹෙන උත්සව සමයේදී පාරිභෝගික ජනතාවට කිසිදු බාධකයකින් තොරව එම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට හැකි බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ..