ඊශ්‍රායලය හා පලස්තීනය අතර යුද්ධය අවසන් බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා ඊශ්‍රායලයට යන අතරතුර අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්යුද්ධය අවසන් බවට පවසා තිබෙනවා.
ඊශ්‍රායලය සහ හමාස් අතර එකඟ වූ සටන් විරාම ගිවිසුම යටතේ ගාසා තීරයෙන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා ඊශ්‍රායලයට යන අතරතුර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙලෙස “යුද්ධය අවසන්” බව පැවසූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එයාර් ෆෝස් වන් යානයේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ සටන් විරාමය පවතිනු ඇති බවත් ගාසා තීරය සඳහා “සාම මණ්ඩලයක්” ඉක්මනින් පිහිටුවන බවයි.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හා මැදිහත්කරුවෙකු වන කටාර් රාජ්‍යයේ භූමිකාව ද ඔහු අගය කළා.