Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්

    2026-02-24

    විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්

    2026-02-24

    පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට

    2026-02-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්
    • විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්
    • පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට
    • කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ
    • ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි
    • යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව නැවතීමට දැනුම්දීමක්
    • ඉන්දියාවේ ගුවන් අනතුරකින් 7 දෙනෙක් ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » VIDEO : නිකිණි පෝදා ස්පා එකක් ඕපන් කරන්න ගිහින් ගිනි විජ්ජුම්බරයයි

    VIDEO : නිකිණි පෝදා ස්පා එකක් ඕපන් කරන්න ගිහින් ගිනි විජ්ජුම්බරයයි

    කාංචන කුමාර - දඹුල්ල
    2025-08-09කියවීමට මිනිත්තු 2ක් ගතවේ.62 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දඹුල්ල, පහළවැව ග්‍රාම සේවා වසමේ කණ්ඩලම පාර ප්‍රදේශයේ කිසිදු බලපත්‍රයක් නොමැතිව නිකිණි පුන් පොහෝදා ආරම්භ කළ ස්පා ආයතනයකට ජනතා විරෝධය එල්ලවීමත් සමඟ එහි සේවයේ යෙදී සිටී කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට ඊයේ(08) දින පස්වරුවේ දඹුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    දඹුල්ල මහ නගර සභාවේ හෝ වගකිවයුතු කිසිදු අයතනයකන් බලපත්‍රයක් අවසරයක් ලබානොගෙන ග්‍රාමීය ජනතාව විශාල වශයෙන් පදිංචිව සිටින ස්ථානයක ඇදන් 5ක් සහිත ස්පා ආයතනය ආරම්භ කෙරුණු මේ ස්ථානයට දේශවාසීන්ගේ දැඩි විරෝධය එල්ලවී තිබෙනවා.

    ප්‍රදේශවාසීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කර බැලීමේදී එහි තෙරපි කිරීම සඳහා එක් කාන්තාවක් යොදවා කළමනාකරුවන් දෙදෙනෙකු එහි සිටි බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.

    අවසර පත්‍රය තිබේදැයි ප්‍රදේශවාසීන් ඔවුන්ගෙන් විමසීමේ දී ආයතනය පවත්වාගෙන යන ව්‍යාපාරික කාන්තාවකගේ දුරකථන ඇමතුමක් ප්‍රදේශවාසීන්ට ලබාදීමට කළමනාකාරවරයා පියවර ගෙන තිබෙනවා.

    හිමිකරිය බව කියන ව්‍යාපාරික කාන්තාව සඳහන් කළේ රාජ්‍ය නිල ලාංඡනය සහිතව රජයෙන් තමන්ට මෙම අනුමැතිය අවසරය ලබා දී ඇති බවයි.

    එම ලිපියට අත්සන් තබා ඇත්තේ කවුරුන්ද යන්න විමසීමේ දී ඇයට කිසිවක් ප්‍රකාශ කරගැනීමට නොහැකි වී තිබෙනවා.

    කෙසේ වෙතත් නැවතත් ඔවුන් සඳහන් කොට සිටියේ දඹුල්ල පොලිසියෙන් ලද අවසරයකින් මෙම ස්පා ආයතනය ආරම්භ කළ බවයි.

    ප්‍රදේශවාසීන් වහාම දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතාට දුරකථනයෙන් ඇමතුමක් ලබාදී විමසීමේදී සඳහන් කළේ කිසිදු අවසරයක් හෝ දැනුම්දීමක් හෝ තමන් නොදන්නා බවයි.

    වහාම පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට එවන බවද මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ප්‍රදේශවාසීන්ට දැනුම් දී තිබෙනවා.

    එහිදී ප්‍රදේශවාසීන් දඹුල්ල නගරාධිපති වසන්ත කුමාර රාජමන්ත්‍රී මහතාට දුරකථනයෙන් අමතා නගර සභාවේ නිසි අවසරයක් ලබා දී ඇත්දැයි විමසීමක් කර තිබෙනවා.

    එහිදී නගරාධිපති වසන්ත කුමාර රාජමන්ත්‍රී මහතා ද සඳහන් කළේ නගර සභාවෙන් කිසිදු අවසරයක් මේ සඳහා ලබා දී නොමැති බවයි.

    කෙසේ වෙතත් ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය එල්ලවීමත් සමඟ දඹුල්ල පොලිසියේ කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ ඔවුන්ගෙන් විමසීමේදී ස්පා ආයතනයක් පවත්වාගෙන යෑම සඳහා කිසිදු ලිඛිත අවසරයක් ඔවුන් සතුව නොමැති වීමත් සමඟ සවිකොට තිබූ ස්පාද දැන්වීම් පුවරු කර මත තබාගෙන ඒවා ඉවත් කොට ආයතනය තාවකාලිකව වසා දැමීමට සිදුවූ බවයි වී නිව්ස් වාර්තාකරු කියා සිටියේ.

    එම ස්ථානයේ සිටි කාන්තාව සහ පුද්ගලයන් දෙදෙනාම පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණා.

    ප්‍රදේශවාසීන් සඳහන් කළේ පෙර පාසලක් මෙන්ම පදිංචිකරුවන් විශාල වශයෙන් සිටින ස්ථානයක විශේෂයෙන් පහළවැව කණ්ඩලම පාර යන ඉතා ග්‍රාමීය ජනතාවක් වෙසෙන ස්ථානයක මෙවැනි දෙය සිදුකිරීමා ඉඩ නොදෙන බවයි.

    පෙර පුව​තVIDEO : ගිනි අවියක් සහ මුගටි පැටියෙක් සමග සැප රියෙන් පැන යන්න හැදූ සැකකරු අත්අඩංගුවට
    ඊළඟ පුව​ත බණ්ඩාරවෙල බස් නැවතුමේදී කාන්තාවකට ප්‍රහාරයක්

    සබැ​ඳි පුවත්

    නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්

    විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්

    පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට

    කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ

    ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්

    2026-02-24

    විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්

    2026-02-24

    පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට

    2026-02-24

    කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ

    2026-02-24
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group