එළඹෙන පෙබරවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි කෘෂි රක්ෂණ මණ්ඩලය විසින් ගොවි ජනතාව වෙනුවෙන් රක්ෂණ මාසයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව වී, බඩඉරිඟු, අර්තාපල්, ලොකු ලුනූ, සෝයා බෝංචි, මිරිස් ඇතුළු සෑම බෝගයකටම නියඟය, ගංවතුර, වන අලි, කෘමි හානි, ගිනි හානි රෝග හා පලිබෝධවලින් සිදුවන හානි සඳහා රක්ෂණ ආවරණ ලබාගත හැකියි.
සුළු වාරික මුදලක් ගෙවා ලබාගන්නා රක්ෂණාවරණයන් ස්වභාවික හානි ඇතුළුව වගාවන්ට සිදුවන වෙනත් හානි වෙනුවෙන් වන්දි ලබාගත හැකි වනවා.
ඉඟුරු, කහ, කුරුදු, ගම්මිරිස්, අන්නාසි, පැපොල් හා කෙසෙල් වගාවන් සඳහා ද රක්ෂණ යෝජනා ක්‍රම කෘෂි රක්ෂණ මණ්ඩලය විසින් හඳුන්වා දී තිබෙනවා.
මෙම රක්ෂණාවරණයන්ට අදාළ වැඩිදුර තොරතුරු කෘෂි රක්ෂණ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයෙන් හා දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් කාර්යාලවලින් ලබාගැනීමට හැකි බවයි එම මණ්ඩලය සදහන් කළේ.










