දෙහිවල සහ කොහුවල සිදු වූ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය කිරීමේ සිද්ධීන් දෙකකට අදාළ සැකකරුවන් දෙදෙනෙක් අයිස් මත්ද්‍රව්‍ය සමග බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ජනවාරි මස 9 වන දින දෙහිවල හෝටලයක් තුළදී එහි හිමිකරු වෙඩි තබා ඝාතනය කිරීමේ හා පසුගිය වසරේ දෙසැම්බර් 12 වන දින කොහුවල, බෝධියාවත්ත ප්‍රදේශයේ ත්‍රීරෝධ රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලදාරීන් විසින් ඊයේ(31) දින දෙහිවල දුම්රියපොළ ආසන්නයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14 මිලිග්‍රෑම් 730ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අවුරුදු 18ක් පමණ වන බොරැලැස්ගමුව හා ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.
මෙම සැකකරුවන් දෙදෙනා විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීම මත අපරාධයට ආධාර අනුබල ලබාදීම සිදුකර ඇති බව අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
බස්නාහිර පලාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













