දිට්ව් සුළු කුණාටුවෙන් මියගිය සහ අතුරදන් වූ අයට පුන්‍යානුමෝදනා කරමින් අවතැන් වූ හා සියුල ලක්වාසීන්ට සෙත්පතා සිදු කරන ලද ආශීර්වාදාත්මක බෝධි පූජා පින්කමක් හා සංඝගත දක්ෂිණාවක් පිරිනැමීම එම ව්‍යසනය සිදුවී මාසයක් පිරෙන දෙසැම්බර් 27 වන දින නාවලපිටිය පොලිස් ස්ථානයේදී සහ නගර සභා බෝධිය අසලදී පවත්වා තිබෙනවා.
ප්‍රාදේශීය මහා සංඝරත්නයේ අනුශාසනා මත නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති කේ.එම්. කුලතුංග මහතා ඇතුළු පොලිස් නිලධාරීන් නාවලපිටිය ප්‍රදේශයේ තරුණ ප්‍රජාව එක්ව මෙම පින්කම් මාලාව සිදු කර තිබෙනවා.
මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ උඩුබුලත්ගම් පළාතේ සහ ගඟ ඉහළ කෝරළේ ප්‍රධාන සංඝනායක, පස්බාගේ කෝරලයේ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජා්‍ය කැන්දගොල්ලේ ධර්මකීර්ථි ශ්‍රී රතනජෝති සුධම්මානන්දාභිධාන නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, ශ්‍රී පාද පිරිවෙන් අධ්‍යක්ෂ හා සිව් මහා විහාරාධිපති, පස්බාගේ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, මහා විහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නාවලපිටිය සංඝ සභාවේ පටිත්ති සංවර්ධන ලේකම්, සාම විනිසුරු ශාස්ත්‍රවේදී මනෝවිදයා උපදේශක පූජ්‍ය රබෑවේ ප්‍රභාෂ්වර ස්ථවිරයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය හා පාර්ලිමේන්තු මන්ත්‍රීනි තුෂාරි ජයසිංහ මහත්මිය ඇතුළු විශාල සැදැහැවතුන් පිරිසක් මේ සඳහා සහභාගි වී සිටියා.












