මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් ඔඩ්ඩුසුඩාන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජනවාරි 27 වන දින රාත්‍රී ඔඩ්ඩුසුඩාන්, කරඩිපිලව් ප්‍රදේශයේ අතුරු මාර්ගයක හිසෙහි ලේ ගලමින් සිටි තුවාලකරුවෙක් ඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාන්චෝලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියයාමේ සිද්ධිය ම්බන්ධයෙන් ඔඩ්ඩුසුඩාන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව මෙය ඝාතනයක් බවට අනාවරණය වීමෙන් පසු විමර්ශන නිලධාරීන් විසින් ඊයේ(29) දින මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු අවුරුදු 30ක් පමණ වූ නෙඳුන්කේණි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය කියා සිටියේ.
කලක සිට පැවැති ආරවුලක් දුරදිග යාමෙන් සැකකරු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට අනාවරණ වී ඇති අතර ඔඩ්ඩුසුඩාන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













