දකුණු කොරියාවේ සෘජු රැකියා සඳහා යොමු කරන ඊ එයිට් වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා සක්‍රීය කිරීමට පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. එම කාර්යංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ ඒ සඳහා වන යෝජනාව කැබිනට් අනුමැතිය සඳහා යොමු කර ඇති බවයි. අනුමැතිය ලැබීමෙන් අනතුරුව දකුණු කොරියාව සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමටත්, ඉන් අනතුරුව ශ්‍රමික පිරිස් රැකියා සඳහා යොමු කරන බවත්, ඔහු සඳහන් කළා. එමෙන්ම මේ වන විට දකුණු කොරියාවේ ප්‍රාන්ත හතරක් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවද සඳහන්. මේ අතර ලබන දස වැනිදා වන විට ඒ සඳහා අත්සන් කිරීමට හැකිවනු ඇති බවයි සභාපතිවරයා විශ්වාසය පළ කරන්නේ.