බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සපරගමුව මහා සමන් දේවාලය නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ (05) එක්විණි.
ඇසළ මාසයේ පැවැත්වීමට නියමිත සපරගමු මහා සමන් දේවාලයේ 800 වැනි පෙරහර මංගල්‍යය සංවිධාන කිරීමේ කටයුතු සොයා බැලීම මෙම සංචාරයේ අරමුණ වූ අතර දේවල භූමියේ ඉපැරණි ගොඩනැගිලිවල තත්ත්වය, මං මාවත් සහ කාණු පද්ධතිය ඇතුළු පිළිසකර කළයුතු ස්ථාන පිළිබඳව ද මෙහිදී අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.
දේවාල භූමියෙහි ඇති මල් සහ පලතුරු අළෙවි සැල්වල පහසුකම් වැඩි දියුණු කිරීම පිළිබඳවද අමාත්‍යවරයාගේ අවධානය ලක්වූ අතර පතල් කැණීම් හේතුවෙන් අවදානමට ලක් වූ දේවාල භූමිය ආශ්‍රිත කලු ගඟෙහි පැරණි තොටුපල හා ගං ඉවුර ආරක්ෂා කිරීම සඳහා ද සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කරන ලදි.
උණුසුම් පුවත්
- චරිත්ට සහ අසිතට තුන්කොන් තරගාවලිය අහිමි වෙයි
- විදේශීය සංචාරකයන්ගේ පැමිණීම මිලියන 2ක් පසු කරමින් ප්‍රංශ යුවලක් දිවයිනට
- වසරක් තුළ කාන්තා හිංසන පැමිණිලි 2183ක්
- සජිත්ගේ වැඩක් ගැන ඇමැති සමන්ත කතා කරයි
- ත්‍රීරෝද – වෑන් අනතුරෙන් ත්‍රීරෝද රථ රියදුරු මරුට
- ජපානයේ ගිණි කන්දක් පුපුරයි !
- ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක් – VIDEO –
- හිටපු භූ විද්‍යා සභාපති අනුරට ඇප












