දේශීය වෙළෙඳ පොලේ ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති නිසා අමු ඉඟුරු කිලෝවක මිල ඉහළ ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ එළවළු ව්‍යාපාරිකයන් පවසනවා.
කිලෝවක් රුපියල් 300-500ක් වැනි මිලකට අලෙවි වූ අමු ඉඟුරු කිලෝවක් මේ වන විට රුපියල් 1500ක් 2000ක් අතර අධික මිලකට අලෙවි වන බවයි එම වෙළෙඳුන් කියා සිටින්නේ.
දිට්වා සුළි කුණාටුවෙන් අමු ඉඟුරු වගාව විනාශ වූ නිසා මේ දිනවල දේශීය වෙළෙඳ පොළේ අමු ඉඟුරු හිඟයක් පවතින බවද එම වෙළෙඳුන් පෙන්වා දෙනවා.













