
එල් නිනෝ සංසිද්ධිය ලොව පුරා රටවල් රැසකට බලපෑම් එල්ල කර ඇති පසුබිමක එම සංසිද්ධිය ඇරඹි පැසිෆික් සාගරයේ මේ වනවිට එකවර සුළි කුණාටු තුනක් සක්‍රීයවී තිබෙනවා. ඒ, වසර 11කට පසුවයි. මෙම කුණාටු තත්වය හේතුවෙන් හටගත් අධික වර්ෂාව මෙන්ම මුහුද රළු වීම හේතුවෙන් හවායි දූපත් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එල් නිනෝ හමුවේ මේ වසර තුළ චීනයට බලපෑ 7 වැනි සුළි කුණාටුව ලෙසින් නම් කර ඇති සවුඩෙල් සුළි කුණාටුව එරටට දැඩි බලපෑම් එල්ල කරමින් සිටින බව සඳහන් වනවා. එල් නිනෝ හේතුවෙන් කොළොම්බියාවේ වැසි අඩුවී නියං තත්ත්වයක් හටගෙන ඇති අතර එරට නිවෙස් වෙත බවුසර් මගින් ජලය සැපයීමටත් සිදුව තිබෙනවා. එමෙන්ම ඉකුත් සති කිහිපය පුරා ඉන්දුනීසියාවේ සහ ස්විට්සර්ලන්තයේ වනාන්තර ආශ්‍රිතව දරුණු ලැව්ගිනි පැතිර ගියේ එම රටවලට බලපෑ වියළි කාලගුණයත් සමඟයි.














