සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා අපේ රටේ ජනතාවගෙන් සෙව්වන්දි අල්ලන එකේ ප්‍රතිපලය කුමක්ද යන්න විමසා සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර මහතා පවසනවා.
මෙරට නීතියට ඉහලින් කිසිවෙකුත් නොමැති බවත් මෙරට අධිකරණ පද්ධතිය ජනතාවට සාධාරණය ඉටුකරන ස්වාධීන තැනක් බවට මේවන විට පරිවර්ථනය වී ඇති බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා වැඩිදුරටත් පවසනවා.
ඒ මහතා එසේ ප්‍රකාශ කළේ ඊයේ අද(16) මැදවච්චිය නගරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මෙරට අධිකරණය ජනතාවගේ නීතිය හා සාධාරණය ඉටුකරන තැනක් බවත් එවැනි ස්ථානවල විවිධ සිදුවීම් සිදුවේනම් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන බවත් පසුගියදා ගල්කිස්ස අධිකරණ භූමියේ සිදුවූවායැයි කියන සිදුවීම පිළිබඳවද අදාල නීති ක්‍රියාත්මක වන බවත් එයට අදාල මැදිහත්වීම මේවන විටත් සිදුකර ඇති බවත් මන්ත්‍රී වරයා සඳහන් කර සිටියා.
මෙරට පොලිස් දෙපාර්තමේන්තුව සහ අධිකරණය යන ආයතන දෙකම එකට කටයුතු සිදුකරන ආයතන බවත් එහි සිදුවන යම් ප්‍රශ්න ඇතමුන් අනවශ්‍ය විදිහට තල්ලුකරගෙන යන්න උත්සහ දරන බවද ඒ මහතා පැවසුවා.
සෙව්වන්දි නමැති සැකකාරිය මෙරටට ගෙන ආ බවත් මීට පෙර ඒ පිළිබඳ බොහෝ අය ප්‍රශ්න කළ බවත් සමගි ජන බලවේගයේ මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයා අපේ රටේ ජනතාවගෙන් සෙව්වන්දි අල්ලන එකේ ප්‍රතිපලය කුමද්ද කියා ඇසූ බවත් ප්‍රකාශ කල බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.