මෙම වසරේ ජනවාරි මස සිට ජුනි මාසය දක්වා සංචාරක පැමිණීමේ වර්ධනය සියයට 15.6 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙම මස පළමුවනදා සිට 10 වනදා දක්වා සංචාරකයන් 77,482 දෙදෙනෙකු මෙරටට පැමිණ ඇති අතර ඒ අතුරින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වීම විශේෂත්වයක්.
එංගලන්තයෙන් හා ඉතාලියෙන්ද සැලකිය යුතු පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි සංඛ්‍යා ලේඛණ වාර්තා පෙන්වා දෙන්නේ.
ජුලි මාසයේදී සංචාරකයින් දෙලක්ෂ දෙසිය හතලිස් හතර දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 6.6 ක වර්ධනයක්.
පසුගිය වසර සමග සැසදීමේදී සංචාරකයින් පැමිණීමේ ප්‍රතිශතය වැඩි වශයෙන්ම ඉහළ ගොස් ඇත්තේ පසුගිය ජුනි මාසයේදීයි.
එම පිරිස එක් ලක්ෂ තිස් අට දහස් දෙසිය හතලිස් එක් දෙනෙකු වන අතර එය ප්‍රතිශතයක් ලෙස පසුගිය වසරට වඩා සියට 21.8 ක වර්ධනයක් වනවා.
සංචාරකයින් වෙනුවෙන් ක්‍රියාත්මක සාර්ථක ව්‍යාපෘති හේතුවෙන් මෙම වසරේ අපේක්ෂිත සංචාරක ඉලක්කය පහසුවෙන් සපුරාගත හැකි බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කළේ.