Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දඹුල්ල රෝහලේ පැදුරේ තියන් ප්‍රතිකාර – රෝහල් සේවකයෝද මානසික පීඩනයකට

    දඹුල්ල රෝහලේ පැදුරේ තියන් ප්‍රතිකාර – රෝහල් සේවකයෝද මානසික පීඩනයකට

    කාංචන කුමාර - දඹුල්ල
    2025-07-17කියවීමට මිනිත්තු 2ක් ගතවේ.101 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ නේවාසික රෝගීන්ට ඉඩ පහසුකම් අවම වීම නිසා රෝගීන් බොහෝ දෙනෙකුට පැදුරු එලාගෙන තැන තැන වාට්ටුවේ එලමහනේ නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමට සිදුව ඇතැයි රෝගීන් පවසනවා.

    මේ හේතුව නිසාවෙන් රෝගීන් මෙන්ම වාට්ටුවල සේවය කරන වෛද්‍යවරුන්, හෙද හෙදියන් මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයද දැඩි අපහසුතාවයකට සහ මානසික පීඩනයකට ලක්ව සිටින බවද ඔවුන් පෙන්වා දෙනවා.

    විශේෂයෙන් දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ අංක එක වාට්ටුව හදිසි ප්‍රතිකාර මෙන්ම තුවාල රෝගීන් සහ හදිසි අනතුරු වාට්ටුව බවත් එම වාට්ටුවේ මේ වන විට තුවාල රෝගීන් විශාල වශයෙන් බිම වැතිරී සිටින බවත් රෝගීන් පවසනවා.

    දඹුල්ල නගරය දිවයිනේ ආර්ථික නගරයක් බවත් ඒ නමය සහ ඒ හය දිවයිනේ ප්‍රධාන මාර්ග දෙක එකම මාර්ගයක ගමන් කරන නගරය බවත් හදිසි රිය අනතුරු විශාල වශයෙන් දඹුල්ල රෝහලට තුවාලකරුවන් ගෙන එන බවත් වෛද්‍යවරුන් මෙන්ම රෝහල් සේවකයෝ පවසනවා.

    එවැනි වූ අවස්ථාවක ප්‍රතිකාර කිරීමට දැඩි අපහසුතාවයකට පත්වනු ඇති බවද ඔවුහු පෙන්වා දෙනවා.
    අද(17) දින පෙරවරුවේ අංක එක වාට්ටුවේ ඇඳන් 49 ක නේවාසික රෝගීන් 90 කට වැඩි පිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් සේවකයෝ පවසනවා.

    කෙසේ වෙතත් සියලු දෙනාටම ප්‍රතිකාර කිරීම දැඩි අපහසුතා මධ්‍යයේ සිදුකරගෙන යන බව ඔවුහු පෙන්වා දෙන්නේ.

    පැදුරු කැබලිවල නිදාගෙන ප්‍රතිකාර ගන්න නේවාසික රෝගීන් සඳහන් කර සිටින්නේ රෝහල් කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවයකට පත්ව සිටින අයුරු දැකගැනීමට හැකි වී තිබෙන බවයි.

    හෙදි සොයුරියන් ප්‍රතිකාර කිරීමට යන අවස්ථාවේදී බස් කොන්දොස්තරවරුන් මෙන් කෑ ගැසීමට පවා සිදුව තිබෙන බවත් එම රෝහල් කාර්ය මණ්ඩලයට හොඳ මානසික මට්ටමකින් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට පවා නොහැකිවීම තමන්ට ද බලවත් කණගාටුවක් බව ඔවුහු පෙන්වා දෙනවා.

    ඇතැම් රෝගීන් කකුල් කපා ලේ ලබා දෙන අවස්ථාවන්වල පවා පුටුවල වාඩි වී ප්‍රතිකාර කිරීම රෝහලේදී දැකගැනීමට හැකිවූ තවත් සිද්ධීන් කිහිපයකි.

    මේ පිළිබඳව දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ වැඩබලන වෛද්‍ය අධිකාරි වෛද්‍ය අරුණ කුමාර මහතාගෙන් විමසීමේදී කියා සිටියේ රෝහලේ ඉඩ ප්‍රමාණය අවම වීම නිසා මේ තත්ත්වය උදා වී ඇති බවයි.

    රෝහල් කාර්ය මණ්ඩලයද දැඩි පීඩනයකට පත්ව ඇති බවද හෙතෙම සඳහන් කර සිටියා.

    කෙසේ වෙතත් කඩිනමින් නව රෝහලක් ඉදිකිරීම සඳහා අවශ්‍ය පියවර රජය ගෙන තිබෙන බවත් මේ වන විටත් එහි මුලික වැඩ කොටසක් අවසන් වී කඩිනමින් මේ ප්‍රශ්නයට විසඳුම් ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන්නේ යැයි ද වෛද්‍ය අධිකාරීවරයා කියා සිටියා.

    දඹුල්ල මූලික රෝහල සඳහා අනුරාධපුර,පොළොන්නරුව, මාතලේ යන දිස්ත්‍රික්කවලින් මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වැඩි වශයෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණීම නිසා දැඩි තදබදයක් බාහිර රෝගී අංශයේ සායන අංශයේ මෙන්ම රෝහලේ සෑම වාට්ටුවකම පවතින බව රෝහල් සේවකයෝ පෙන්වා දෙනවා.

    නේවාසිකව ප්‍රතිකාර ලබා නිවෙස්වලට යන්නට සිටින අයටද බෙහෙත් ලියා නිවෙස්වලට පිටව යන්නට වී ඇත්තේ රාත්‍රී කාලයේ බව රෝගීන් නගන තවත් චෝදනාවකි.

    පෙර පුව​තදුලි බිල ඉහළ දැමීම හේතුවෙන් රටේ ජනතාව පීඩාවට- සීලරතන හිමි
    ඊළඟ පුව​ත ලක්මව රනින් සැරසූ ජ්‍යෙෂ්ඨයෝ දිවයිනට

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group