කොටහේන පොලිස් වසමේ බෝධිරාජ මාවත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 35ක් වූ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මිය ගිය පුද්ගලයා සහ අසල්වැසි පුද්ගලයෙකු අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
අදාළ පුද්ගලයා බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මෙලෙස මියගොස් තිබුණා.