
ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට 86,386ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
අගෝස්තු මාසයේ මුල් දින කිහිපය තුළ පමණක් රෝගීන් 1,034දෙනෙකු වාර්තා වී ඇති බවයි එම ඒකකය පෙන්වා දෙන්නේ.
මෙම වසරේ මාසික දත්ත විශ්ලේෂණය කිරීමේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජූලි මාසයේ වන අතර එම සංඛ්‍යාව 29,978ක් වනවා. ඊට අමතරව ජුනි මාසයේදී රෝගීන් 21,533ක් ද, මැයි මාසයේදී රෝගීන් 8,590ක් ද වාර්තා වී තිබුණා.














