මැඩගස්කරයේ ජනාධිපති ඇන්ඩ්‍රි රැජොයෙලිනා රටින් පලාගොස් ඇති බව තහවුරු වී තිබෙනවා .
එරට මාධ්‍ය වාර්තා කලේ ජනාධිපතිවරයා පලා ගොස් ඇත්තේ ජනතා විරෝධය මධ්‍යයේ දේශපාලන අර්බුදය උත්සන්න වී ඇති පසුබිමකයි
ඔහු ප්‍රංශයට පලාගොස් ඇති බවයි එරට මාධ්‍ය අනාවරණය කලේ.
කෙසේ වෙතත්, ප්‍රංශ බලධාරීන් අවධාරණය කළේ සැප්තැම්බර් 25 සිට රට දෙදරා ගිය මැඩගස්කරයේ අභ්‍යන්තර අර්බුදයට ඔවුන් මැදිහත් නොවන බවයි.
එරටද පුළුල් ජල හා විදුලි කප්පාදුව හේතුවෙන් රටේ නොසන්සුන්තා ආරම්භ වුණා.
එහෙත් එය ඉක්මනින්ම රැජොයෙලිනාගේ ඉල්ලා අස්වීම ඉල්ලා සිටින ජාතික ව්‍යාපාරයක් දක්වා වර්ධනය වී තිබෙනවා.