Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය

    පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය

    2026-02-16කියවීමට මිනිත්තු 2ක් ගතවේ.60 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලොවම අවධානය යොමු කළ ඉන්දු පාකිස්තාන ක්‍රිකට් තරගයෙන් ලකුණු 61ක ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ(15) සමත් වූවා.

    ඒ පාකිස්තානු කන්ඩායමේ සියලුම දෙනා පන්දුවාර 18කදී ලකුණු 114කට දවා ගනිමින්.

    තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබාදුන්නා.

    ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායම ආරම්භක පිතිකරු යුවලේ ඉශන් කිෂන් පන්දු 40කදී ලකුණු 77ක් ලබාගනිමින් ප්‍රවේගකාරී ආරම්භයක් ලබාගත්තා.

    ඊට හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් ඇතුළත්.

    කෙසේ වෙතත් ඔහුගේ දැවී යාමෙන් අනතුරුව ඉන්දීය ඉනිමේ ලකුණු ලබාගැනීමේ වේගය අඩාල වූවා.

    ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නායක සූර්යකුමාර් යාදෙව් ලකුණු 32ක්ද ශිවම් ඩුබේ ලකුණු 27ක්ද ලබාගත්තා.

    එසේම තිලක් වර්මා ලකුණු 25ක්ද නොදැවී පන්දුවට පහර දුන් රින්කු සිං ලකුණු 11ක්ද ලබාගත්තා.

    පන්දු යැවීමේදී පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් සයිම් අයුබ් කඩුලු තුනක් දවා ගැනීමට සමත් වූ අතර සල්මන් ආගා, සහීන් සා අෆ්රිඩි සහ උස්මාන් තරික් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.

    ලකුණු 176ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පාකිස්තානු කණ්ඩායමට පන්දුවාර 18ක් අවසානයේ සියලු දෙනාම දැවී ලබාගත හැකි වූයේ ලකුණු 114ක් පමණි.

    එහිදී පාකිස්ථානය වෙනුවෙන් උස්මාන් ඛාන් ලකුණු 44ක් ලබාගැනීමට සමත් වූ අතර නොදැවී පන්දුවට පහර දුන් ෂහීන් ෂා අෆ්රීඩි ලකුණු 23ක් ලබාගත්තා.

    ෂඩාබ් ඛාන් ලකුණු 14ක්ද ෆහීම් අෂ්රෆ් ලකුණු 10ක්ද ලබාගත්තා.

    සෙසු කිසිදු ක්‍රීඩකයෙක් ලකුණු 10 සීමාව පසු කිරීමට සමත් වූයේ නැහැ.

    පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් හර්දික් පාන්ඩයා, ජස්ප්‍රිට් බුම්රා, ඒෂර් පටෙල් සහ වරුන් චක්‍රවර්ති කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වූවා.

    එසේම කුල්දිප් යාදෙව් සහ තිලක් වර්මා එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.

    තරගයේ වීරයා ලෙස ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඉශාන් කිශන් නම් කෙරුණා.

    ආශ්‍රීත පුවත්:  නැමීබියාව හමුවේ ඉන්දියාවට ලකුණු 93ක ජයක්

    තරගය ඊයේ(15) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ දැඩි ආරක්ෂිත රැකවල් මධ්‍යයේයි.

     

    T20 world cup 2026
    පෙර පුව​තවත්තලින් ජීව උන්ඩ තොගයක් හමු වෙයි
    ඊළඟ පුව​ත අදත් ප්‍රදේශ කිහිපයකටම වැසි

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group