
අඹතලේ – දෙහිවල ජල සම්ප්‍රේක්ෂණ නළයේ බත්තරමුල්ල දියත උයන ආසන්නයේ සිදු කරනු ලබන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද දින ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දී තිබෙනවා.ඒ අනුව, අද දින රාත්‍රී 11.30 තෙක් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති. මෙම අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්ත හේතුවෙන් පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාවය පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සිය කණගාටුව පළ කර සිටිනවා. වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා 1939 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ජල සම්පාදන මණ්ඩලය හා සම්බන්ධ විය හැකි බවයි සඳහන් වන්නේ.














