හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රියේ වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබුවා.
ඒ දැඩි ආරක්ශක රැකවල් මධ්‍යයේ බන්ධනාගාර බස් රථයකිනුයි.
කෙසේ නමුත් පසුව හිටපු ජනාදිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
වෛද්‍ය උපදෙස් අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ශිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගෙන තිබුනා.
රුධිර පීඩනය ඉහල යාම සහ සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් ඒ මහතා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වුනේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දහවල් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ ඔහුගේ ධූර කාලයේදී රජයේ මුදල් භාවිතා කරමින් ලන්ඩන් නුවර පැවැත්වූ ඒ මහතාගේ බිරිදගේ උපාදි උත්සවයක් සදහා සහභාගී වීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට ආදාලවයි.
හිටපු ජනාදිපතිවරයෙක් රක්ෂිත බන්ධනාගාරගත කළ පළමු අවස්ථාව මෙය වීමද විශේශත්වයක් වනවා.හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
මෙම නියෝගය නිකුත් කර ඇත්තේ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය විසින්.
මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ සදහන් කළේ මෙම සැකකරුට එරෙහිව පොදු දේපොළ පනත යටතේ කරුණු ඉදිරිපත් කරන බවයි.
විමර්ශන කටයුතු අවසන් නොමැති වීම හේතුවෙන් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිට තිබෙනවා.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න මහතා අධිකරණයේ කරුණු දක්වමින් සැකකරු ඇප මත මුදාහරින ලෙසත් ඉල්ලීම් කර තිබුණා.
සෙසේ වෙතත් මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ හිටපු ජනාදිපතිවරයා එළැඹෙන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
උණුසුම් පුවත්
- අම්පාර පවුල් 189 ක් සදහා නිවාස හිමිකම් පත්‍ර ප්‍රධානය කෙරේ
- පළාත් සභා මැතිවරණය ලබන වසරේ අප්‍රේල් මාසයට පෙර පැවැත්වීමට සැලසුම්
- ටියුනීසියාවේ ජනපතිට අපහාස කළ පුද්ගලයෙකුට මරණ දඩුවට
- ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
- නව තැපැල් සේවකයින් 731 දෙනෙකු පත් කෙරේ
- සෞඛ්‍ය සේවාවේ ප්‍රගතිය ගැන ඇමති නලින්ද සහතික වෙයි
- ස්වීඩන තානාපති සහ පරිසර ඇමති අතර හමුවක්
- ප්‍රබල අකුණු පිළිබද අවවාදාත්මක නිවේදනයක්