ගලෙන්බිඳුණුවැව ගැටලාව වැවේ තිබී උණ්ඩ 5038 ක් සොයා ගෙන තිබෙනවා.
ගොවියෙකු කැටලාව වැවට ගිය අවස්ථාවේදී එහි තිබී මෙම උණ්ඩ තොගය සොයා ගෙන ඇති බවයි වාර්තා වුනේ.
සිද්ධිය පිළිබඳ පොලිස් හදිසි ඇමතුම් අංශය දැනුවත් කිරීමෙන් පසු ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු එම ස්ථානයට පැමිණ ජීව පතුරම් 5038 ක් ගොඩට ගෙන තිබෙනවා.
විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා අද දිනයේ අදාළ ස්ථානය තවදුරටත් පරීක්ෂා කරන බවයි පොලීසිය සදහන් කළේ.













