එප්පාවල කඩිගාව ප්‍රදේශයේදී සැකසහිත ලෙස පුද්ගලයකු මිය යාම සම්බන්ධයෙන් පොලීසිය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.
එප්පාවල කඩිගාව ප්‍රදේශයේ පුද්ගලයකු පසුගිය 05 වැනි දින හදිසියේ රෝගාතුර වූ බව පවසා එප්පාවල රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (06) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, එප්පාවල කඩිගාව පදිංචි ඩී.එච්.බී සම්පත් අබේකෝන් දිසානායක (52) නම් අයෙකි.
මෙම පුද්ගලයා මිය යාමට හේතුව හිස අභ්‍යන්තරයේ ලේ වහනයක් බවට අනුරාධපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පවසා තිබෙනවා.
මෙම පුද්ගලයා රෝහල් ගත කර ඇත්තේ ඔහුගේ සහෝදරයා බවත්, මරණයට පත් පුද්ගලයාගේ දියණිය එප්පාවල පොලීසියට පැමිණිල්ලක් සිදු කරමින් තම පියාගේ මරණය සැක සහිත බවට පවසා ඇත.
ඒ අනුව එප්පාවල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, අද (07) පෙරවරුවේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන්ද සිද්ධිය වූ ස්ථානයේ පරීක්ෂණ සිදු කළහ.
එහිදී මරණකරුගේ බිරිඳ පවසා සිටියේ මාස කිහිපයකට පෙර සැමියාගේ සොයුරා හා දියණිය තම නිවසට පැමිණ, නිවසේ නැවති සිටි බවත්, තම සැමියා රෝහල් ගත කළ අවස්ථාවේ නිවසේ සිටියේ තම සැමියා, ඔහුගේ සොයුරා හා සොයුරාගේ දියණිය පමණක් බවත්, තමන් සැමියා සමඟ සිත් අමනාපයක් නිසා එදින පස්වරුවේ නිවසින් පිටව ගිය බවත්ය.
සැමියා රෝහල් ගත කර ඇති බව සැලවී නිවසට පැමිණි බවත්, සැමියා මියයාමෙන් පසු සැමියාගේ සොයුරා හා දියණිය නිවසේ තිබූ ඔවුන්ගේ ඇඳක් , අල්මාරිද රැගෙන නිවසින් ගොස් ඇති බවත් පොලීසියට පැවසීය.
එදින තම සැමියා මත්පැන් පානය කර බවත්, ඔහුගේ සොයුරා තවත් පුද්ගලයකු සමඟ හෙරොයින් පානය කරන බවත්, ඔවුන් නිවසේ රැදී සිටි බවත්, ඔවුන් තමන්ට බනින බව ඇසී තමන් නිවසින් පිටව ගිය බවත්, තමන් නිවසේ නැති අතරතුර සැමියාව සැමියාගේ සොයුරා විසින් රෝහල් ගත කර ඇති බවත්, පසුදින උදෑසන තමන් ඒ පිළිබඳ දැනුම්වත් වී අනුරාධපුර ශීක්ෂණ රෝහලට ගිය බවත්, පසුව ඔහු මරණයට පත්ව ඇති බවත් පැවසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මරණකරුගේ දියණිය වන ජීවන්ති කුමාරී දිසානායක මෙලෙස කියා සිටියා.
06 වැනිදා උදේ 06 ට විතර තමයි කිව්වේ තාත්තා හොස්පිටල් කියලා. මම ඊට පස්සේ ගෙදර ඇවිත් බලද්දී තාත්තා හිටියේ නෑ.
ගේ ඇඳ ගාව තාත්තාට මළ පහ වෙලා, ඒ වෙලාවේ ගෙදර හිටියේ ලොකු තාත්තා, එයාගේ දුවයි, ලොකු තාත්තාගේ යාලුවයි හිටියා. මං ඊට පස්සේ අනුරාධපුර රෝහලට ගියා.
තාත්තා හදිසි ප්‍රතිකාර ඒකකයේ දාලා හිටියා තාත්තා කතා කළේ නෑ, මොළයට ලේ බැහැලා තියෙන්නේ කියලා සැත්කමක් කළා.
සැත්කමින් පස්සේ තාත්තා වාට්ටුවක දාලා හිටියා. තාත්තා ඇස් ඇරියේ කතා කලේ නෑ. දවල් වෙද්දී තාත්තා නැති වුණා කිව්වා.
රෝහලෙන් කියලා තිබුනේ ඔළුවට ලේ පුරවලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මම එප්පාවල පොලීසියට පැමිණිල්ලක් කළා. ගෙදර ඇවිත් බලන කොට ලොකු තාත්තා, දුව කවුරුත් නෑ. ගෙදර තිබුණු එයාලගේ බඩු මුට්ටු අරන් ගෙදරින් ගිහින් තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු අනුරාධපුර අධිකරණ වෛද්‍යවරයාට මරණ පරීක්ෂණය සිදු කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කරනු ලැබීය.
මරණයට පත් පුද්ගලයාගේ වැඩිමල් සොයුරා අධිකරණය මඟහැරීමේ චෝදනාවට වරෙන්තු වී සිටින පුද්ගලයකු බවත් ඔහු සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.