සංචාරක ඔසf්ට්‍රිලියානු 19න් පහළ කාන්තා කණ්ඩායමට එරෙහි තෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන්ද කඩුලු 6ක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ඊයේ සමත් වුනා.
පන්දුවාර 16කට සීමා වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ටේරිලියා කණ්ඩායමට කඩුලු 6ක් දැවී රැස්කරගැනීමට හැකිවුණේ ලකුණු 100ක් පමණයි.
එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අසෙනි තලගුණේ ලකුණු 25කට කඩුලු 2ක් හා ලිමන්සා තිලකරත්න ලකුණු 20කට කඩුලු 2ක් දවාගැනීමට සමත් වුනා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15 පන්දු 1කදී කඩුලු 4ක් දැවී තිබියදී ලකුණු 101ක ඉලක්කය හඹා යාමටයි සමත්වුනේ .
මෙම ජයත් සමග තරග 5කින් යුත් තරගාවලිය තරග 3 ට 0ක් ලෙස පෙරමුණ ගෙන තවත් තරග 2ක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය තහවුරු කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුනා.
තරගය පැවැත්වුනේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී