
තණමල්විල පොලිස් වසමේ කහකුරුල්ලන්පැලැස්ස ප්‍රදේශයේදී වියළි ගංජා කිලෝග්‍රෑම් 114 ග්‍රෑම් 500ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට පත් සැකකරු 38 හැවිරිදි, තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලිස් විශේෂ කාර්ය බලකා උඩවලව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදී මෙම සැකකරු අත් අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.














