
සමස්ත ලංකා පළාත් පාලන පද්ධතියම ආවරණය වන පරිදි සංවිධාන කරනු ලබන ‘පුනරුදයේ පුරවර පළාත් පාලන සතිය අද ආරම්භ කෙරෙනවා. ඒ ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ජාතික තේමාව පෙරදැරි කරගනිමින්. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මඟින් මෙහෙයවනු ලබන මෙම විශේෂ වැඩසටහන සැප්තැම්බර් 19 වැනිදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මකයි.














