ටින් මාළු සඳහා පැවැති උපරිම සිල්ලර මිල ගණන් සංශෝධනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම අධිකාරියේ සභාපතිවරයා විසින් අද(15) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ 2024 දෙසැම්බර් 27 වැනිදා නිකුත් කරන ලද ගැසට් නිවේදනය සංශෝධනය කරමිනි.
ශුද්ධ බර ග්‍රෑම් 155ක් වූ ටූනා ටින් මාළු උපරිම සිල්ලර මිල රුපියල් 165ක් ලෙසත් ශුද්ධ බර ග්‍රෑම් 425ක් වූ ටින් මාළු උපරිම සිල්ලර මිල රුපියල් 380ක් ලෙසත් ගැසට් නිවේදනයේ සඳහන්.
ශුද්ධ බර ග්‍රෑම් 155ක් වූ මැකරල් ටින් මාළු මිල රුපියල් 210ක් සහ ශුද්ධ බර ග්‍රෑම් 425ක් වූ මැකරල් ටින් මාළු උපරිම සිල්ලර මිල රුපියල් 480ක් විය යුතු බවද සඳහන්.
ජැක් මැකරල් ශුද්ධ බර ග්‍රෑම් 155ක ටින් මාළු මිල රුපියල් 240ක් විය යුතු අතර ග්‍රෑම් 425ක ජැක් මැකරල් ටින් මාළු උපරිම සිල්ලර මිල රුපියල් 560ක් විය යුතු බවද සඳහන්.
මෙම උපරිම සිල්ලර මිල ගණන්වලට වඩා වැඩි මිලට ටින් මාළු වෙළෙඳාම කිරීම, වෙළදාම සඳහා ඉදිරිපත් කිරීම සහ ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවද ගැසට් නිවේදනය දැක්වෙනවා.













