ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 22වැනි තරඟයෙන් කඩුළු 7ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 137ක් රැස් කළා.
එහිදී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ෂ්රේයස් අයියර් ලකුණු 34ක් රැස් කිරීමටයි සමත් වුණේ.
පන්දු යැවීමේදී තුෂාර් දේෂ්පාන්ඩේ සහ රවින්ද්‍ර ජඩේජා කඩුළු 03 බැගින් බිඳ හෙලු අතර, මහීස් තීක්ෂණ ලකුණු 28ට එක් කඩුල්ලක් බිඳ හෙළුවා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 4ක් අවසානයේ කඩුළු 03ක් පමණක් දැවී ලකුණු 141ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.
එහිදී නායක රුතුරාජ් ගායික්වාඩ් නොදැවී පන්දු 58දී ලකුණු 67ක් රැස් කිරීමට සමත් වුණා.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














