2024 වසරේ දී කැනඩාවේ ඔටාවා හිදි ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පැනවීමට එරට අධිකරණයක් නියෝග කර තිබෙනවා.
මෙලෙස සිර දඩුවම් නියමව ඇත්තේ ෆෙබි්‍රයෝ ඩි-සොයිසා වන කැනඩාවේ අධ්‍යාපනය ලබමින් සිටි වයස අවුරුදු 20 ක් වූ ශ්‍රී ලාංකික තරුණයෙකුටයි.
ළමුන් සිව්දෙනෙකු, ඔවුන්ගේ මව සහ පවුලේ ඥාතියෙකු ඇතුළු 6 දෙනෙකු ඝාතනය කිරීම සහ එම පවුලේ පියාව ඝාතනය කිරීමට තැත් කිරීම ඔහුට එරෙහිව ඇති චෝදනාවන් වනවා.
ඔහුට එරෙහිව ඇති සියළු චෝදනා ඔහු විසින් පිළිගෙන තිබෙනවා.
තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරයා පවසා ඇත්තේ මෙම ඝාතන ඔටාවා හි සිදු වූ දරුණුතම අපරාධවලින් එකක් බවයි.










