අපේ ජනබල පක්ෂය වත්මන් ආණ්ඩුවට සහාය දැක්වීමට තීරණය කර
තිබෙනවා.
එම පක්ෂයේ මහ ලේකම් චින්තක වීරකෝන් මහතා ලිපියක් නිකුත් කරමින්
මේ බව නිවේදනය කර තිබුණා.
එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය විසින් ජාතික ජන බලවේගය ප්‍රමුඛ
වත්මන් ආණ්ඩුවට සිය සම්පූර්ණ සහයෝගය ලබාදීමට තීරණය කළ බවයි
එම නිවේදනයේ දක්වා ඇත්තේ.
එමෙන්ම ඉදිරියේ දී පැවැත්වෙන මැතිවරණවලදී එම පක්ෂයේ සහයෝගය
ජාතික ජන බලවේගය වෙත ලබාදීමට එහිදී තීරණය කර තිබෙනවා.
දැනට වත්මන් ආණ්ඩුව විසින් ගෙනයනු ලබන ජාතික කර්ත්‍යවයන්
බොහෝමයක් අපේ ජනබල පක්ෂය ඉහළින් අගය කරනු ලබන බවද එහි
සදහන්.
අපේකම හා බැදුණු හෙළ සංස්කෘතික දායාදයන් සුරකිමින් බෞද්ධ පරිසරය
තුළ
සැමවිටම ජීවත්විය හැකි ශ්‍රී ලාංකික ජාතියක් බිහිකිරීමේ
ජනාධිපතිවරයාගේ ප්‍රයත්නයට සිය පක්ෂයේ ආශිර්වාදය හිමිවන බව ද
අදාළ නිවේදනය මඟින් තහවුරු කර ඇති බවයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














