හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව එළැඹෙන 28 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය විසින් අද(11) නියෝග කර තියෙනවා.
අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස වත්කම් උපයාගත් බවට හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට චෝදනා එල්ල වී තිබෙනවා.
ඊට අදාළ නඩුව අද(11) කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින විත්තිකාර හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අධිකරණය වෙත පැමිණ සිටියා.
එහෙත් අදාළ නඩුව විභාග කරනු ලබන විනිසුරුවරයා අද දිනයේ නිවාඩු ලබා තිබීම හේතුවෙන් නඩුව එළැඹෙන 28 වැනිදා දක්වා කල් තැබුණා.
අදාළ නඩුව ගොනු කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනි විමර්ශන කොමිසන් සභාව ඉදිරිපත් කර ඇති අධිචෝදනාවල දැක්වෙන්නේ 2010 මාර්තු 31ත් 2012 මාර්තු 31ත් අතර කාලයේදී විත්තිකාර හිටපු අමාත්‍යවරයා මෙම වරද කර ඇති බවයි.
කඩවත ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමට රුපියල් එක්කෝටි තිස් නව ලක්ෂ අනූනව දහසක මුදලක් වැය කර ඇති බවත් කොළඹ 07 අර්නස්ට් ද සිල්වා මාවතේ ඉඩමක් මිලදී ගැනීමට රුපියල් හත්කෝටි දහතුන් ලක්ෂ අනූනව දහසක් මුදලක් හිටපු අමාත්‍යවරයා විසින් වැය කර ඇති බවත් අල්ලස් කොමිසම චෝදනා කරනවා.