රන්න පොසොන් කලාපයේ බත් දන්සලකින් පෝසිලේන් පිඟන් පන්සීයක් අතුරුදහන් වී ඇතැයි වාර්තාවනවා.
එම පොසොන් දන්සල කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වුණා .
මෙම දන්සලට පන්දහසක පමණ පිරිසක් සහභාගි වි ඇති බවයි වාර්තාවන්නේ.
එහිදි ආහාර බෙදාගැනිමට ලබාදි ඇත්තේ වටිනාකමින් අධික පොසිලේන් පිඟන් වන අතර අවසානයේදි සංවිධායක කමිටුව පිඟන් ගණන් කර බැලු විට පිඟන් පන්සීයක් පමණ අඩු වි ඇති බවට අනාවරණ වි තිබෙනවා .
දන්සලට පැමිණි ඇතැමුන් ආහාර ගෙන පිඟානද හොරේන් රැගෙන ගොස් ඇති බවයි වාර්තාවන්නේ.