කැනේඩියානු විදේශ අමාත්‍ය අනිතා ආනන්ද් ලබන මාසයේ ඉන්දියාවට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එහිදී ඇය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් හමුවීමට නියමිත බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
2023 වසරේදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා බිඳ වැටීමෙන් පසු කැනඩාවේ විදේශ අමාත්‍යවරයෙකු ඉන්දියාවේ සිදු කරන පළමු සංචාරය මෙයයි.
කෙසේ වෙතත් සංචාරය පිළිබඳ නියමිත දින මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.
එහෙත් දෙපාර්ශවයම මෙම සංචාරයට අදාළ කටයුතු සූදානම් කරමින් සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම වසරේ ජුනි මාසයේදී ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි හමුවීමෙන් පසු මෙම සංචාරය නිවේදනය කර තිබීම විශේෂත්වයක්.
අග්‍රාමාත්‍යවරුන්ගේ හමුවෙන් පසු ද්විපාර්ශ්වික සබඳතා යථා තත්ත්වයට පත් කිරීමට දෙරට ක්‍රියාකාරීව කටයුතු කර තිබීම ද විශේෂත්වයක්.