අනුරාධපුරය සහ මිහින්තලේ අතර නොමිලේ ගමන් කිරීමට හැකි පොසොන් විශේෂ දුම්රිය අද(09) දහවල් 12.30 සිට ධාවනය කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
පොසොන් පොහොය නිමිත්තෙන් මෙම විශේෂ දුම්රිය ක්‍රියාත්මක වනවා.
එලෙස අද සිට ආරම්භ වන නොමිලේ ගමන් කළ හැකි පොසොන් දුම්රිය ලබන 11 වනදා දක්වා ක්‍රියාත්මකයි.
දුම්රිය පාලක මැදිරිය පවසන්නේ එම දුම්රිය ගමන් වාර 36ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවයි.
බැතිමතුන්ට අනුරාධපුරයේ සිට මිහින්තලේ දක්වා නොමිලේ මෙම දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව සැලසෙන්නේ පෞද්ගලික ආයතනයක් විසින් මෙම විශේෂ දුම්රිය සඳහා පූර්ණ වියදම් දරා ඇති බැවින් බවයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා කියා සිටියේ.