බස් නැවතුමේ රැඳී සිටි මගියෙකුට තියුණු ආයුධයකින් පහරදීමක්
හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලේ ගාල් කර තිබූ බස් රථයක් පිටුපසදී ඊයේ පස්වරුවේ මගියෙකුගේ ගෙලට උල් ආයුධයකින් පහරදී පුද්ගලයෙකු පළාගොස් තිබෙනවා.
එහිදී තුවාල ලැබූ තැනැත්තා දික්ඔය මූලික රෝහල වෙත ගොස් ඇතුලත් කර ඇති අතර, තුවාලකරුගේ තත්ත්වය බරපතල වීම හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති බවටයි වාර්තා වන්නේ
තමාගේ ගෙලට උල් ආයුධයකින් පහර දුන් පුද්ගලයා තමන් නොහඳුනන බවත්, තමන්ට පහර දීමට හේතුවද තමා නොදන්නා බවත් තුවාලකරු විසින් පොලිසිය හමුවේ පවසා තිබෙනවා.
තුවාලකරු හැටන් දික්ඔය ලෙතන්ටි වතුයායේ පදිංචි අවුරුදු 27ක තරුණයෙකු බවත්, තුවාලකරු නිවසට යෑම සදහා බස්නැවතුම්පොලට පැමිණි අවස්ථාවේ මෙම පහරදීම සිදුව ඇති බවත් පොලිසිය සඳහන් කළා.