
සංචාරකයන්ට කැස්බෑවන් පෙන්වා මුදල් ලබාගනිමින්, සතුන්ට හිංසා වන පරිදි හැසිරුණු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තල්පේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23, 41 සහ 45 යන වයස්වල පසුවන පුද්ගලයින් තිදෙනෙක්. සංචාරකයන් ලවා කැස්බෑවන්ට ආහාර ලබාදීම සහ විදේශිකයන්ගෙන් බලහත්කාරයෙන් මුදල් ලබාගැනීමට තැත්කිරීම ඇතුළු චෝදනා කිහිපයක් මෙම සැකකරුවන්ට එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.














